Tuesday, December 13, 2016

වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය

             වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය 

                                පිළිබඳ පුරෝකථනය                                             





                                                   ශ්‍රී ලංකා සිතියම

බලංගොඩින් සොයාගත් ආදි කල්පිත මානවයා ලංකාව තුල මීට අවුරුදු 30000 කට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබඳ සාක්ෂි දරයි. ලංකාවේ ක්‍රිස්තුපූර්ව සයවන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ දහසයවන ශතවර්ෂයේ බටහිර ආක්‍රමණවල ආරම්භක වකවානුව දක්වා ලිඛිත දත්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ පුරාවිද්‍යා වංශකතා වන මහාවංශය, දීපවංශය, චූලවංශය හා පූජාවලිය තුලින් ලබාගත හැක



.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුපූර්ව හයවන සියවසට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබද දත්තයන් ලබාගත හැකි මූලාශ්‍ර එතරම් සුලබ නොවූවත් වාල්මිකීන්ගේ රාමායනය, මහාභාරතය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපට ඊට පෙර තිබූ ශිෂ්ඨාචාර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම අපහසු කරුණක්ද නොවේ.



දහසයවන සියවසට පසු ලංකාව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයට නතු විය එම කාල වකවානු තුල යම් යම් ප්‍රාදේශීය රාජ්‍යයන් තුල සිංහල බලය පැවතියද ක්‍රිස්තුවර්ෂ 1815 න් පසුව ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසියට පිටුවහල් කිරීමත් සමග නුවර මගුල් මඩුවේදී අත්සන් තැබූ ගිවිසුමත් සමග ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයින් යටතට පත් වන ලදී.
එතැන් සිට ක්‍රිස්තුවර්ෂ 1948 නිදහස ලැබෙන තුරු ලංකාවාසීන් යම් යම් අවස්ථාවල බ්‍රිතාන්‍ය අධිරජ්‍යයට විරුද්ධව නැගී සිටි අතර 1818 කැප්පෙටිපොල අදිකාරම්ගේ නායකත්වයෙන් යුත් ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 වීර පුරන් අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් යුත් මාතලේ කැරැල්ල මීට උදාහරණලා සැලකිය හැක. ක්‍රිස්තුවර්ෂ 1972 දී ලංකාව ජනරජයක් බවට පත් විය.
ක්‍රිස්තුවර්ෂ 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර ඊට අනුව ලංකාවේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපති පත්වන ලදී. එහි අතුරුඵලයක් ලෙස ලංකාවේ තරුණ කොටස් වල නැගී සිටීමක් සිදුවූ අතර එය 1971 කැරැල්ල ලෙස හඳුන්වා දෙයි. 1983 ලංකාවේ ජනවාර්ගික අරගලය ආරම්භ වන අතර ඒ අතරතුර නැවතත් 1987 - 89 කාල සීමාව තුල තරුණ නැගී සිටීමක් සිදුවන අතර 26 වසරක සිවිල් යුද්ධය 2009 දී නිමාවට පත්විය.

ලංකාවේ මූලික සංස්කෘතික වෙනස්කම් සඳහා හේතු වූ මූලික හේතු තුනක් පෙන්වා දිය හැක.
  • මිහිඳු හිමිගේ ආගමනය
  • බටහිර ආක්‍රමණ
  • 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය

ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඳබ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( බටදොඹ ලෙන හා පාහියංගල වන සෙනසුන )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.
ස්වභාවික_ශාඛ_සාරයෙන්_වර්‍ණ_ගැන්වූ_සිතුවම්
පාහියංගල වන සෙනසුන(සිතුවම්)
ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.
දකුණු ඉන්දියානු මුල්ම ශිෂ්ඨාචාරයන් හමුවනුයේ ක්‍රිස්තුපූර්ව 1200 තරම් ඈතකදීය අනුරාධපුර රාජධානියේ මුල් පදිංචිකරුවන් පිලිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 800-1000 තරම් ඈතකට විහිදෙන බව ( පොසෙල් 1990; දැරණියගල 1992:734) කාබන් පරීක්ෂා මගින් තහවුරු වී ඇත.නූතන පරීක්ෂණ මගින් මෙම අගය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇත.ක්‍රිස්තුපූර්ව 900 වන ශතවර්ෂයේ පමණ ඉදිකරන ලදැයි විශ්වාස කල හැකි
හෙක්ටයාර 15 ක නගර සංකීර්ණයක් අනුරාධපුරයෙන් හමුවුන පසු ඒ පිලිඹඳ තවදුරටත් කැණීම් කිරීමේදී එය හෙක්ටයාර 50 දක්වා ක්‍රිස්තුපූර්ව 700 ශතවර්ෂයේදී පමණ වර්ධනය කර ඇති බව පෙනී ගොස් ඇත. මේ හා සමාන සංකීර්ණයක් සීගිරිය අලිගලින්ද හමුවී ඇත.
දැනටත් ශ්‍රී ලංකාවේ ඌව,මධ්‍යම හා ගිණිකොණ ප්‍රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. තවද ඔවුන් ඉන්දියානු උපමහද්වීපයෙන් හෝ එවකට ජනාවාසව පැවති අප්‍රිකාවෙන් පැවත එන ලදැයි විශ්වාස කරයි.

ලංකාවේ සිංහල ජනගහනය 70% පමණ වන අතර ඉතිරියෙන් බහුතරය දෙමල ජාතිකයින් වෙති.දීපවංශයට හා මහාවංශයට අනුව විජයට පෙර ලංකාවේ ස්වදේශිකයින් ලෙස යක්ෂ, නාග,රාක්ෂ හා දේව ගෝත්‍ර පැවතී ඇත. සිව් හෙළයන් සිංහලයන් වූ බව සැලකිය හැකිය.යක්ෂ, නාග, රාක්ෂ හා දේව ගෝත්‍ර මඟින් මනුෂ්‍ය අධ්‍යාත්මයේ විවිධ පරිනාමික අවස්ථා නිරූපනය කරයි. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි ක්‍රිස්තුපූර්ව 600 දී පමණ බ්‍රාහ්මී අකුරු කොටා ඇති මැටි බඳුන් මගින් සනාථ වී ඇත.



මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 15000 ටත් පෙරතුව සිට ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිළිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.

No comments:

Post a Comment