Sunday, January 8, 2017

Saturday, January 7, 2017

දඹුල්ල රජමහා විහාරය

යුනෙස්කෝ ලෝක උරුම අඩවියදඹුල්ල රජමහා විහාරයලෝක උරුම ලැයිස්තුවෙහි අභිලේඛනය කර ඇති පරිදී නමවර්ගයසංස්කෘතිකනිර්ණායකi, viආශ්‍රිත561යුනෙස්කෝ කලාපයආසියා-ශාන්තිකරඅභිලේඛන ඉතිහාසයඅභිලේඛනය1991 (15වන සැසිය)

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයේ ගල් ලෙනක නිර්මිත පුරාණ පිලිමගෙය පිටතින් පෙනෙන අයුරු

දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.

දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.